Thursday, April 14, 2016

සිරා vs ආතල්






අද කාලේ නිතර ඇහෙන ”පට්ට”, ”පිස්සු පීකුදු”, ”ජාති”,  ”ඔබට සතුටු දැන්?” වගේ මෙකී නොකී new generation වචන කෑලි අස්සේ මේ වචන දෙකත් ඇහෙනවා. ඔය වචන දෙක love කියන concept එකට දාලා බැලූවම එක්කෙනෙක් සිරා love.. තව කෙනෙක් ආතල් love. ඇයි තව නැද්ද? අපෝ තියනවා. එක්කෙනෙක් ට සිරා love කරන අතරේ අනිත් එක්කේනා හරි කීපදෙනා එක්ක හරි ආතල් එකට love. මෙව්වට multitasking talent කිව්වට කිසිම වරදක් නෑ.
දැන් අන්න ඊළඟ ට එන්නේ අර bunty toffee ප්රශ්නේ. ඔහොම කරන්නේ කෙල්ලො ද? කොල්ලො ද?  ඕක සාපේක්ෂයි. හා නැද්ද? ආදරය කරන එක, එක එක්කෙනාගේ thinking අනුව වෙනස් වෙනවා.  ඕක මේ gender එකේ ප්රශ්නයක් කියලා කියන්න බැරි එ්කයි.
හරි දැන් අපිsub topic එකකට එමුකෝ. ටිකක් පරණයි. සමනළ සංධ්වනියේ ”මගේ නොවන ආදරයක්” සිංදුව මතකයිනේ? සර්ව කාලීන පට්ට සිංදුවක්.  ඕන කෙනේක් ට  ඕන  ඕන විදියට තමන්ගේ life එකට apply කරගන්න no barriers.
ඔය සිංදුවත් එක්ක වයස් භේදයක් නැතුව අතීතාවර්ජනය කියන rubber බෝල ටික අතීතය කියන වතුර ගොඩෙන් උඩට ආවා. බොරුනම් පොඞ්ඩක් බලන්න අදටත් කී දෙනෙක් ”මට මගේ නොවන මගේම ආදරයක්” ගාගෙන facebook එකේ share කරනවද කියලා. මේ වෙනකන් ඔහොම love story තියන අයව මට හම්බෙලා ඇති එකසිය ගානට. ඒ අතරින් බොහෝමයක් හරි අහිංසකයි. දන්නවා හොඳටම එකතු වෙන්නේ නෑ කියලා. හැබැයි වෙන් වෙන්නේත් නෑ. යාළුකම් ඉස්සරහට දාගෙන මගේ නොවන ආදරේ barrier එකේ ගෑවි නොගෑවි තියන ආදර කතා එ් අතරින් විශේෂයි. හැබැයි මේ ළඟකදී ඔයිට වඩා හාත්පසින් ම වෙනස් (love) story එකක් අහන්න ලැබුණා
”අක්කේ මගේ යාළුවෙක් accident වෙලා. මං දැන් බලලා ආවේ. හොඳම කතාව ඒක නෙමෙයි. ඌ අච්චර හතර ගාතෙන් ඉඳලාත් viber on කරන් සිරා කෙල්ලටයි ආතල් කෙල්ලටයි message කරනවා. දෙන්නම බලන්න එන්න අහනවා. මූ එකකට අද එන්න කිව්වා. අනික ට ticket කැපුවා කිව්වා.
එතකොට සිරා කරන කෙල්ලෙක් ඉන්නවනම් ඇයි ආතල්? මගේ ප්රශ්නය. උත්තරේ මාරයි. මෙහෙමයි අක්කේ සිරා කරන කෙල්ල පට්ට පෝසත්. තාත්තා car sale අයිතිකාරයෙක්.  මූ එ්කිව බඳින්නේ car sale එක නිසා. නැතුව ඇති ආදරේකට නෙමෙයි.  කෙල්ල ලස්සන නෑ. . අවුරුදු දෙකක් වැඩිමල්. අනික පට්ට කෑල්ල. හැබැයි දුප්පත්. එ් නිසා ආතල්.
දැන් නිකමට හිතන්නකෝ මේකේ සිරා එක මොකක්ද, ආතල් එක මොකක්ද කියලා. බලන් ගියාම එකක්වත් සිරා නෑ. සිරා love එක ඉතින් car sale එකේ මාමණ්ඩි තමා.
මෙව්වා ඇවිල්ලා ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතාවල ඉන්න හොරු තක්කඩින් ට හපන් තක්කඩි ඉන්න සිදුවීම්.
සමහර love storyවල ඉන්න හොර love, traffic තියන පාරේ highway speed  එකෙන් ගිහින් කොහේහරි ඇනගන්නවා. අන්න එතකොට සිරා love කියන පොලීසිය අතින් දඩ ලියද්දි තමා හොර coupleවලට හද්දින්නත් තරු පේන්න පටන් ගන්නේ. එතකොට ඉතින් හැප්පිලා ඉවරයි. ඒ නිසා මගේ නොවන මගේ ම ආදර හිත ඇතුළේ තියාගෙන ඒ අහිංසක වින්දනය විඳින එක barrier එක කඩන් ඇන ගන්නවට වඩා 1000න් සැපතක්!


Friday, January 22, 2016

අතීරණය


තීරණයට හිස නොනැමෙන
අහංකාර හදවත..
සමබර ලොව
 අසමබර මා මනස
කුමන මොහොතක
 කුමන ලෙසකින්
 මගේ පා මුල
ඇද වැටේවි ද?
මුළු ලොවම එක යායකි
මට පමණක් තනි යායකි...


ටිකක් පරණයි ඕන්........


මහවැලි කැලණි කලු වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා
තෙල් රහ බල බලා කුණු කැලණිය ගංගා
මූදට ඇදෙයි කුණු තෙල් ගඳ නොම හංගා






         මේ අපේ මාතෘ භූමියේ වැසියන් ට ඕනිම දෙයක් මතක ටික කාලයයි වගේ මේ කාරණෙත් අමතක වෙලා ඇති. ඒක ට ඉතින් ප්‍රධානම වග කිව යුත්තා මාධ්‍ය කියන එක තමා මගේ නම් මතය... කතාව මේකයි. බලන්නකෝ මතක ද කියලා. 
          දිනය 2015 අටවෙනි මාසේ 17 වෙනි දා. සිරි ලංකාවේ දූපත් වාසීන් ට සර්ව ජන ඡන්ද බලය පාවිච්චි කරන්න තවත් අවස්ථාවක්. ඒ නිසා ඒ දවස විශේෂයි.  එදා ම තව දේකුත් වුණා. කොළඹ ට වතුර කැපුවනේ.. කෝ බලන්න කීයෙන් කී දෙනෙක් ට එදා සිද්ධිය මතක ද කියලා.. කැලණි ගඟ ට තෙල් මිශ්‍ර වෙලාලු. හැබැයි ඒ අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් ඒ අතින් නම් නෙමෙයි. අපි ට සතුට බෝ කරනවැයි කියන මහා පරිමාණ කර්මාන්ත ශාලාවකින්. කර්මාන්තශාලාව ට අදාළ කඩුවෙල නිෂ්පාදනාගාරයේ භූගත ඉන්ධන නලයකින් තෙල් කාන්දුවක් වෙලා. ඉතින් ඒකේ ප්‍රථිපලය වුණේ කොළඹ නගරය ඇතුළුව ඒ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක මිනිස්සුන් ට බොන්න වතුර පොදක්වත් නැති වුණැ එක.ඒ විතරක්නම් මදෑ... මේ නිසා වුණ පරිසර විනාසෙ ට ගණන් හිලව් කියන්න පුළුවන්කමක් නෑ. මේ නිසාම ඒ සමාගමට දීලා තිබ්බ පරිසර බලපත්‍රයත් තාවකාලිකව අවලංගු කළා. හැබැයි අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් ඒක ආයේ දීලා. සිරි ලංකාවනේ ආයුබොවන්ඩ.... තාවකාලිකව නෙමෙයි සදාකාලිකව අවලංගු කළත් දැන්නම් වෙන්න ඕන හරිය වෙලා රතු ඉරත් පැනලා...

        අගෝස්තු 17 කැලණි ගඟට මිශ්‍ර වුණ වස වතුර ප්‍රමාණය මිලි ලීටර් 1900ක්. අගෝස්තු 28 වෙනකන් ම ද්වස් 11ක් කොලඹ ආශ්‍රිත 80%ක් වගේ ජනතාව බීලා තියෙන්නේ මේ වස මිශ්‍ර ජලය. අපේ පරිසර අධිකාරියත් සෑහෙන හොඳයිනේ. මුලින් කිව්වා ගඟට එකතු වෙලා තියෙන්නේ ඩීසල් කියලා. ඩීසල් මිශ්‍ර වෙලා තියෙන්නේ අදාළ කර්මාන්තශාලාවේ නඩත්තු කටයුත්තක් නිසාලු. ඒත් මේ අප ජලය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ඉන්දියාව ට යවලා ලබාගත්ත සාම්පලවලින්නේ කිව්වේ 4 මෙතලිමයිඩසෝල් (methylimidazol, 4-MEL, C46N2) කියන විෂ කාබනික මිශ්‍ර වෙලා කියලා.
2001 වසරේ ලොව අපකීර්තිමත්ම සමාගම මෙයයි. ඒ තබා ප්‍රදේශ වාසීන්  මධ්‍යම පරිසර අධිකාරිය ට මේ කර්මාන්තශාලාව ගැන කෙතරම් පැමිණිලි කළ ද එය බීරි අලීන් ට වීණා වැයීමක් බඳුම විය. අධිකාරිය ට කරන්න ට දෙයක් නැත්තේ නැත. ඇත. එහෙත් බහු ජාතික සමාගමක ට එරෙහිව තම කට ඇරීම ට ඔය එකදු නිලධාරියක්වත් නැත. හැමදේම දේශපාලනීකරණය හා මාධ්‍යකරණය ට වැසී ඇති අවධියක කොඳ පණ නැති උන් කෙසේ කට අරින්න ද? 





      සිරි ලංකාවේ බිහිවන හොඳ හොඳ විහිළු අතරේ පුවත්පතක පළවූ විහිළුවක් ඒ කාලයේදීම පළ විය. "බොල්ගොඩ ගඟ ට 16ක් කුණු දාලා". 10ක් කාන්තාවොලු. කැලණි ගඟට 10ක් කුණු දාලා. 03ක් කාන්තාවොලු. ඉතින් ඊට පස්සේ? ඒගොල්ලන්ව අත්තඩංගුවට ගත්තලු. එතකොට සතුට බෝ කරන රට බීම සමාගම? සතුටින් විසිර ගිහිල්ලා... ලංකාවේ පොලීසිය ගැනනම් කතා කිරීම ට අපුල ය. කැලණි ගඟට තෙල් මිශ්‍ර කරපු "coca cola beveragers Sri Lanka LTD" ගැන වගේ වගක් නැති ජල සම්පාදන මණ්ඩලයේ  හැසිරීම නම් අන්තිම ය. 
පොලීසිය කුණු දමන මහ ජනතාව අත්තඩංගුව ට ගැනීමේ කිසිදු වරදක් පෞද්ගලිකව මම නොදකිමි. මන් ද එම ජනතාව විනාශ කරන්නේද තමන් ට ජීවත් වෙන්න භූමිය ලබා දෙන බීමට වතුර දෙන  මාතෘ භූමියම ය. නමුත් හිතාදර පොලිස් මහතුණි, අදාළ වගකිවයුත්තනි.... පොඩි මිනිහා ඉදිරියේ දික්වන පිට කොඳ බහු ජාතික සමාගම් ඉදිරියේ හැකිලෙන කාරණෑව කිම?

හරිම ශෝචනීයයි...

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...