දැන් අන්න ඊළඟ ට එන්නේ අර bunty toffee ප්රශ්නේ. ඔහොම කරන්නේ කෙල්ලො ද? කොල්ලො ද? ඕක සාපේක්ෂයි. හා නැද්ද? ආදරය කරන එක, එක එක්කෙනාගේ thinking අනුව වෙනස් වෙනවා. ඕක මේ gender එකේ ප්රශ්නයක් කියලා කියන්න බැරි එ්කයි.
හරි දැන් අපිsub topic එකකට එමුකෝ. ටිකක් පරණයි. සමනළ සංධ්වනියේ ”මගේ නොවන ආදරයක්” සිංදුව මතකයිනේ? සර්ව කාලීන පට්ට සිංදුවක්. ඕන කෙනේක් ට ඕන ඕන විදියට තමන්ගේ life එකට apply කරගන්න no barriers.
ඔය සිංදුවත් එක්ක වයස් භේදයක් නැතුව අතීතාවර්ජනය කියන rubber බෝල ටික අතීතය කියන වතුර ගොඩෙන් උඩට ආවා. බොරුනම් පොඞ්ඩක් බලන්න අදටත් කී දෙනෙක් ”මට මගේ නොවන මගේම ආදරයක්” ගාගෙන facebook එකේ share කරනවද කියලා. මේ වෙනකන් ඔහොම love story තියන අයව මට හම්බෙලා ඇති එකසිය ගානට. ඒ අතරින් බොහෝමයක් හරි අහිංසකයි. දන්නවා හොඳටම එකතු වෙන්නේ නෑ කියලා. හැබැයි වෙන් වෙන්නේත් නෑ. යාළුකම් ඉස්සරහට දාගෙන මගේ නොවන ආදරේ barrier එකේ ගෑවි නොගෑවි තියන ආදර කතා එ් අතරින් විශේෂයි. හැබැයි මේ ළඟකදී ඔයිට වඩා හාත්පසින් ම වෙනස් (love) story එකක් අහන්න ලැබුණා
”අක්කේ මගේ යාළුවෙක් accident වෙලා. මං දැන් බලලා ආවේ. හොඳම කතාව ඒක නෙමෙයි. ඌ අච්චර හතර ගාතෙන් ඉඳලාත් viber on කරන් සිරා කෙල්ලටයි ආතල් කෙල්ලටයි message කරනවා. දෙන්නම බලන්න එන්න අහනවා. මූ එකකට අද එන්න කිව්වා. අනික ට ticket කැපුවා කිව්වා.
එතකොට සිරා කරන කෙල්ලෙක් ඉන්නවනම් ඇයි ආතල්? මගේ ප්රශ්නය. උත්තරේ මාරයි. මෙහෙමයි අක්කේ සිරා කරන කෙල්ල පට්ට පෝසත්. තාත්තා car sale අයිතිකාරයෙක්. මූ එ්කිව බඳින්නේ car sale එක නිසා. නැතුව ඇති ආදරේකට නෙමෙයි. කෙල්ල ලස්සන නෑ. . අවුරුදු දෙකක් වැඩිමල්. අනික පට්ට කෑල්ල. හැබැයි දුප්පත්. එ් නිසා ආතල්.
දැන් නිකමට හිතන්නකෝ මේකේ සිරා එක මොකක්ද, ආතල් එක මොකක්ද කියලා. බලන් ගියාම එකක්වත් සිරා නෑ. සිරා love එක ඉතින් car sale එකේ මාමණ්ඩි තමා.
මෙව්වා ඇවිල්ලා ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතාවල ඉන්න හොරු තක්කඩින් ට හපන් තක්කඩි ඉන්න සිදුවීම්.
සමහර love storyවල ඉන්න හොර love, traffic තියන පාරේ highway speed එකෙන් ගිහින් කොහේහරි ඇනගන්නවා. අන්න එතකොට සිරා love කියන පොලීසිය අතින් දඩ ලියද්දි තමා හොර coupleවලට හද්දින්නත් තරු පේන්න පටන් ගන්නේ. එතකොට ඉතින් හැප්පිලා ඉවරයි. ඒ නිසා මගේ නොවන මගේ ම ආදර හිත ඇතුළේ තියාගෙන ඒ අහිංසක වින්දනය විඳින එක barrier එක කඩන් ඇන ගන්නවට වඩා 1000න් සැපතක්!