Wednesday, August 16, 2017

සීරුවට....




නුඹ හිතන
නුඹට හිමි රත් වූ රළු හිත
පිනි වැටුණ අතින්
එක මොහොතකට
සීරුවට....
මගේ
අතට ගෙන
පිරිමැද
නුඹේ සියුම් හිත....
ආයෙත් දෙන්නම්...
කියන්න...
දැන්...
මට
ජීවිතේ කියලා දුන්න
ඔය හිත
ඒ තරම් රළුයිද??
හිතුව තරම් නපුරුද??
එච්චරටම ආඩම්බරද??

*චින්ති*


Friday, August 11, 2017

කෝලම... ❤️

ඔව්. 

ඇය එහෙම්පිටින්ම කෝලමකි...
හිතුණ විට ඔහේ කියවන් යන්නී ඒ තත්ත්පරයෙන් ඇදහිය නොහැකි නිශ්ශබ්දතාවකට හිමිකම් කියන්නියකි...
ඒ ඔහු අසළම පමණි.

ඒ එක වචනයත් ඈට මහමෙරකි...
ඇගේ සද්දයද නිස්සද්යද එක විට අත් විඳි එකම ප්‍රාණියා ඔහු පමණකි.
ඒ නිසා ඇය ඔහුටම ආවේණික කෝලමකි.

*චින්ති*

Sunday, August 6, 2017

වළාකුලු




හඳ පායපු හවසක
අහසට කෑ ගහලා අඬන්නමයි ඕන
වළාකුලු  උදවු කරනවද අහසට..???
ඒත් වළාකුලු ඒකට ඉඩ දෙන්නෙ නෑලු
මග අරිනවලු ළඟටම ඇවිත්
අඬන්න නොදී
ආයෙම ඈතට යනවලු
අනේ වලාකුල
ඔච්චර නපුරු වෙන්නෙ කොහොමද?

*චින්ති*

Friday, August 4, 2017

හුරතලේ



හිතෙන ඕනෑම විටෙක
හුරතල් වෙන්න
ඈට පුලුවන්.
ඈ ඒකට විශේෂඥවරියක්.
ඔව්
ඒ තරම්....
කාටවත් කරදායක් නොදි...
කරදරේකදි උනත්
කරදරේටත් හුරතල් හිතෙන තරම්ම....
ඈ පොඩි එකෙක්....

*චින්ති*

කවදාහරි දවසක


නොදන්න මනුස්ස ප්‍රාණියෙක් එක්ක
පෝරු මස්තකාරූඩ වෙන...
මටම පමණක් අයිති...
ඔහුටම රැකගෙන ආ 

අංශුවක් ගානේ
පෝරු ප්‍රාණියාගේ දෙපායට හැංඟෙන

දවසක් ඈටත් හිමිලු....

*චින්ති*

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...