Saturday, October 17, 2015
Saturday, October 10, 2015
හිතුවිලි
එක එක දවසට එක එක ජාතියෙ මිනිස්සු හම්බවෙනවා. ඒ අතරින් මතකයේ රැඳෙන චරිතත් ඉන්නවා. අද. ඒ කියන්නෙ ඔක්තොම්බර් 10 වෙනිදා පානදුර railway station එකේ දී හම්බුණ මනුස්සයත් ඉන් එක්කෙනෙක්. කෝච්චියෙන් බැහැල පුරුදු විදියට තාත්තා එනකන් ටික වෙලාවක් ඉන්න වුණ.මට අඩි 10ක් 11ක් අතින් මැදි වයසේ මනුස්සයෙක් ඉන්නවා. ඉන්නේ මගේ පැත්ත බලාගෙන. තනියම කියවනවා. ඉතින් පිස්සෙක් කියල හිතෙන එක අහන්නත් දෙයක්ද?. අනික අද කාලෙ වෙන දේවල් ඇහුවම දැක්කම විශ්වාස කරන්න පුලුවන් කාවද? ප්‍රශ්න පත්තරයක් එක පාරට ඔලුවට ආව. මං ඒ මනුස්සය ට නොපෙනෙන්න ළඟ තිබ්බ කණුනවක ට මුවා වුණා.ටික වෙලාවකින් මගේ ළඟ තිබ්බ phone booth එකෙන් call එකක් ගත්ත ඒ මනුස්සයා මං පානදුරේ ඉන්නෙ කියල හරි හැඬුම්බරව කිව්වා. එහා පැත්තෙන් මොන උත්තරයක් ලැබුණද කියල තේරුම් ගන්න අමාරුයි. මං කොහොමත් හිටියේ තාත්තා එන දිහා බලන්. ඒ අතරේ තව ගැනු ළමයෙක් මගේ ළඟ ඉඳන් "කෝච්චිය ගියා ළමයෝ. ඇත්ත කියන්නේ කිය කිය කාට හරි කියවනවා. අර මනුස්සයා ගැනු ළමයා ළඟට ආවා. ඇස් දෙකේ කඳුළු. අනේ නෝනා මට රුපියල් 10ක් දෙන්න බස් එකේ යන්න. ගෑනු ළමය අතේ තිබ්බ රුපියල් 10 දුන්න. කාලත් නෑ නෝනා දවසෙම. වැඩ කරන තැනින් පඩි දෙන්නෙ නැ නෝනා. ආයෙත් ඒකම කියනව. ඒක ඇහුණ මාත් purse එක එළියට ගත්තා.. ඒ අතරේ අර ගැනු ළමයගේ boy friend ආවා. ඇයි මොකෝ? කාල නැලු. මනුස්සයව ඇහින් පෙන්නල ගෑනු ළමයා කිව්වා. තමුසෙට පිස්සුද ඕයි එක එකාට රැවටෙන්න?මෙන්න මෙහෙ එනවා කියලා ගෑනු ළමයව පැත්තකට අරන් ගියා.ඒ මදිවට මටත් රැව්ව. තාත්තා ආවා. මාත් ගෙදර ආවා.
මම, ගෑනු ළමයා, ගෑනු ළමයගේ boy friend තුන් දෙනෙක්. තුන් දෙනා අර මනුස්සයා ගැන හිතුවේ තුන් විදියකින්. තාම ඒ මනුස්සයගෙ ඇස්වල කඳුලු ඇති. සමහරවිට බොරුවක් කලා වෙන්නත් ඇති. ඒ මොනවා වුණත් සමාජෙක ඉන්න මිනිස්සු විදියට අපි දකින දේ ගැන අපි හිතින් මවාගන්න ආකල්ප එකිනෙකට කොච්චර වෙනස් ද? වෙනස්කම් නැතිනම් සමාජයක විවිධත්වයක් ගැන හිතන්නත් අමාරුයි. ඒ ඒ කාලෙට එක එක්කෙනාට ලැබෙන අත්දැකීම් ඒ ඒ අයගේ හිතුවිලිවල ට බලපාන හැටි හරි පුදුමයි.
Saturday, May 23, 2015
"Tamil Tigress"
අද මැයි මාසේ 22 වෙනිදා. අද මට ලියන්න හිතුණේ පොතක් ගැන. පරිවර්තනයක්. පොතේ අයිතිකාරිය නිරෝමි ද සොයිසා. පොතේ ලියවිලා තියෙන්නේ ඇයගේ කතාව. "Tamil Tigress". - පාපොච්චාරණයක් විදිහ ට ලියවුණු මේ කතාව පරිවර්තනය කරන්නේ සුනිලා විජේසිංහ ලේඛිකාව. කතාවේ තේමා පාඨය විදිහ ට "ශ්‍රී ලංකාවේ ලේ පිපාසිත කුරිරු සිවිල් යුද්ධයේ ළමා සොල්දාදුවෙකු වූ මගේ සත්‍ය කතාවයි" කියලා සඳහන් වෙනවා.
නිරෝමි ඔබටත් පරිවර්තනය කරපු සුනිලාටත් බොහෝම පිං. එක් ළමා සොල්දාදුවෙකු ගේ හරි ජීවිත කතාවක් අප ට මවාගන්න ඉඩ ලබා දුන්නා ට. ඒත් නිරෝමි මට අහන්න ප්‍රශ්න තියනවා.
ඔයා මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන දරුවෙක් විදිහටයි යුද පිටිය ට එන්න තීරණය කරන්නේ. ස්ව කැමැත්තෙන්. ඉගෙන ගන්න තියන උනන්දුවත්, හැකියාවත් නිසා, ඒ වගේ ම ඒ ඒ අවස්ථාවන් ට හිසක් නොව මොළයක් ඇතිව විචාරශීලීව තීරණ ගත් නිසා අද ඔබ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක්.
ඒත් ඔයත් එක්ක හිටිය බහුතරය දුප්පත් අම්ම්ලා තාත්තලාගේ දරුවෝ. උන් යුද්ධෙ ට ආවේ කිසිම අවබෝධයක් නැතුව. කරන්නම දෙයක් නැති කම ට. නොදැනුවත්කම ට. ඔයා ට වගේ සාක්ෂරතාවක් උන් ට තිබුණේ නැහැ. ළමා සෙබළියන් ට වඩා ළමා සෙබළු අනන්තවත් යුද්දේ මුල් කාලෙදි පරවෙන්න ඇති. සමහර දරුවෝ උස් මහත් වෙලා සිංහලයන් ගැන උපන් වෛරයෙන් අදටත් ඉන්නවා ඇති. ඒ දරුවන් ට උතුරෙන් එපිට ලෝකයක් තිබ්බේ නෑ. දැකලා තිබ්බෙත් නෑ. කොළඹ ගැන. මේ රටින් එහා රටවල් ගැන ඔයා ට වගේ දැනුමක් උන් ට තිබ්බේ නැහැ. උන් හරි ම අසරණයි නේද නිරෝමි?
රොෂාන් නිසා ආදරය විඳින්නත් ඔයාට පුළුවන් වුණා. ආදර සම්බන්ධතා සංවිධානය ට පටහැනි ක්‍රියාවක් වුණත් කලින් කිව්වා වගේ ඔයා ට මොළයක් තියන නිසා ඔයාටයි රොෂාන්ටයි ඒ සම්බන්ධෙ ගෙනියන්න පුළුවන් වුණා. ඒත් අනිත් අය? මතක ද ශාන්තන් ව? නෝර ට ආදරය කරපු වරද ට වෙඩි උණ්ඩ දෙකකින් ඒ හිස් කබල දෙපළු වුණ. ඒ වෙලාවේ ඇහුණ නෝරාගේ විලාපය ඔයාට අමතක වෙන්නෙ කොහොමද නේද?
අවුරුද්දක් ඇතුළත කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වෙන්න ඔයා ට පුළුවන් වුණා. ඒත් විඳපු දුක්.... සමාජය ට සිද්ධ වුණ අසාධාරණකම් ඇස් දෙකෙන් ම දැක්ක ඔයා සංවිධානෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කළා. එහෙම අස් වෙන්න ඔයා ට පුළුවන් වුණේ සෙංගමාලම් ඔයා ට දක්වපු කරුණාව නිසා නෙමෙයි කියා කියන්න බැහැ. ඒ නිසා තමයි.. ඒ නිසා තමයි ඔයා අද මේ තත්ත්වෙන් ඉන්නෙත්. ඒත් ඉල්ලා අස්වීමේ ලියුම ලියද්දි ඔයා ට පිටිපස්සෙන් හිටිය සහෝදරියක් කෑ ගැහුවා මතක ද?
"මටත් ගෙදර යන්ඩ ඕන" කියලා කෑ ගැහුවා. ඊට පස්සේ? ඊට පස්සේ එතන හිටිය හැම කෙල්ලෙක්ම ඉල්ලා අස්වීමේ ලියුම ඒවෙලාවෙම ලියන්න පටන් ගත්ත... ඒත්.. ඒ එක්කෙනෙක්ටවත් සෙංගමාලම් අවසර දුන්නද? නෑ නිරෝමි නෑ....
ඔය කවුරුත් සංවිධානෙ ට බැඳුණේ හිත ට එකඟව නෙමෙයි. ඔයත් බැඳුණේ අරමුණ හරි හැටි නොදැන. හිත ට එකඟව සංවිධානෙ ට බැඳුණ අකිලාත් කාලයක් යද්දි කියා ගන්න බැරි තරම් කලකිරීමකින් නේද හිටියේ? ඔයා ට සංවිධානෙන් එළිය ට එන්න පුළුවන් වුණා. ඒත් දෙයියනේ ඔයාගේ ඇඟේ දුවන ලේ පාටම ඇති හිත් කීයක්නම් උතුරු පොළොව බදාගෙන හීන ගුලි කරගෙන ඇස් පියාගන්න ඇති ද?
උත්තර දෙන්න නිරෝමි........
Wednesday, May 20, 2015
soap opera (සෝප් ඔපෙරාව)
පුද්ගල මනෝභාවයන්ට, ආකල්පවලට බලපෑම කරන වෙළඳ දැන්වීම්, දේශපාලන ප්‍රචාරක කටයුතු ආදිය දෙවන තැනට පත් කරමින් සෝප් ඔපෙරාව පළමු තැන ගෙන සිටි. සෝප් ඔපෙරාවක් යනු කුමක්ද? ඔබ මා කව්රුත් දන්නා පරිදී ඔපෙරාවක්(opera) යනු, ගායකයන්ගෙන් හා නළුවන්ගෙන් සැදුම්ලත් නාට්‍යමය හා සංගීතමය ආකෘතියකින් යුතු කළා මාධ්‍යකි. ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ දීර්ඝ කාලීනව කොටස් වශයෙන් දිනපතා ඉදිරිපත් කරන, නාට්‍යමය ප්‍රබන්ධ සෝප් ඔපෙරාවක් ලෙස සැලකේ.මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විකාශය වන “මෙගා ටෙලිනාට්‍ය” යන මාතෘකාවට අභ්‍යන්තරාර්ථයෙන් කෙසේ වතුදු බාහිර අර්ථයෙන් යම තරමක් දුරට සමවන බව පැවසිය යුතුය.
සෝප් යන කෙටි නමින්ද හඳුන්වන මෙම කලා මාධ්‍යයෙහි සමාජ කරලියට ගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙතටයි.සබන් නිෂ්පාදකයන්ගේ අනුග්‍රහයෙන් මාධ්‍යයට පැමිණි නිසා මෙම කලා අංගය “සෝප් ඔපෙරා” ලෙස නාමනය වී ඇත.1928 වසරේදී දකුණු අප්‍රිකානු සමාජය පිලිබඳ ලියවුනු “Amos ‘n’ Andy” ලොව බිහිවූ ප්‍රථම සෝප් ඔපෙරාව ලෙස සැලකේ. ගුවන් විදුලියේ ප්‍රචාරය වූ මෙය කෙතරම් ජනප්‍රිය වූවාද කියතොත් 1928 සිට 1943 දක්වා රාත්‍රී ගුවන්විදුලි නාටකයක් ලෙස ප්‍රචාරය විය.
“Liver Brothers Proctor” සහ “Gamble” යන සබන් සමාගම් Soap Opera ව්‍යාපෘතියෙහි මූලිකත්වය දරූ සමාගම්ය.බ්‍රිතාන්‍ය සෝප් ඔපෙරා යාතාර්තවත්ය.පවත්නා සමාජයේ සිදුවන සිදුවීම් කැටි කොට දැක්වීමක් මෙහිදී සිදුවේ. ඇමෙරිකානු සෝප් ඔපෙරා මීට වඩා තරමක් වෙනස් මගක් ගනී. භාවයන්ට මුල් තැන දෙමින් සමාජ සිද්ධීන් විද්‍යමාන කිරීමක් මෙහිදී දැකිය හැක. බෝහෝ විට කාන්තාවන් ඉලක්ක කරගැනීම සිදුවේ. එමෙන්ම ප්‍රේමවෘතාන්ත පිළිබඳවද ඇමෙරිකානු සෝප් ඔපො ලැදි කමක් දැක්වී. ඇමෙරිකානු සෝප් ඔපෙරා වලට නිදර්ශන ලෙස
- Love of Life (1950)
- Search for Tomorrow (1966)
ඕස්ට්‍රෙලියාවේ සෝප් ඔපෙරාව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය සෝප් ඔපෙරාවලට වැඩ වෙනස් මගක ගෙන ඇත. යතාර්ථය හා භාවය යන ගුණාංග දෙකද සහිතව නගරාශ්‍රිත සමාජය කැටිකොටගත් සෝප් ඔපෙරා ඕස්ට්‍රේලියාව තුළ නිෂ්පාදිතය.1976 වර්ෂයේදී පලවූ Times සඟරාවක ප්‍රකාශ වුනේ දිවා කාලයේ ඇමෙරිකාවේ විකාශය වන නාලිකාවන් “පොහොසත්ම වෙළඳපොල”(“TV’s richest market”) ලෙසයි.ගෘහනියන් මේ සඳහා ඇබ්බැහි වූ බවට හොඳ සාක්ෂියකි මේ.එම ලිපියෙහි පලවන අන්දමට එම කාල පරාසය තුල දී විකාශය වූ අනිකුත් සියලුම වැඩසටහන් වල ආදායම පහළ ගොස් ඇත.දිවා කල විකාශය වූ ප්‍රථම සෝප් ඔපෙරාව වන “Days of Our Lives” හි රංගනය කලේ Bill Hayes සහ Susan Seaforth Hayes දෙපළයි.
බෝහෝ විට සෝප් ඔපෙරා ගොඩ නැගෙන්නේ සාමාජික සංඛයාව අධික පවුලක් වටා ය.එහි එන චරිත වලට සිදුවන සිදුවීම් හා ඔවුන්ට මුණ ගැසෙන පුද්ගලයන් නිසා සෝප් ඔපෙරාව දීර්ඝ වේ.කතාකරුවා මේ සියලු සිදුවීම් හා පුද්ගලයන ප්රේක්ෂකයාට දැනෙන හැගෙන ආකාරයට විදහා දැක්වීමට සැමවිට උත්සාහ කරයි.සමස්තයක් ලෙස ගත් කල සෝප් ඔපෙරා තුළ ගැටුම සිද්ධීන් බහුලය.පවුල් ප්‍රශ්න,ආදර ගැටළු,මේ අතුරින් ප්‍රධාන වේ.එමෙන්ම කතාව පුරාම කුතුහලය දිව යයි.විශේෂත්වය වන්නේ ප්‍රධාන කතාවට අතරමැදදී අතුරු කතා කිහිපයක් එකතු වීමයි.එමෙන්ම මෙම චරිත ඉතාමත් ආකර්ශනීය වේ.සමාජය තුල පවතින ආකල්ප ,සංස්කෘතිය,ප්‍රේමය,විනෝදය,කතා අන්තර්ගතය තුළ බොහෝ විට දකින්නට ලැබේ.මෙම කතා තුළ ස්ත්‍රී හා පුරුෂ යන දෙපක්ෂය ඉතා සියුම් මානුෂීය ප්‍රශ්න ස්පර්ශ කරමින් ඒ හමුවේ හැසිරේ.බොහෝ චරිත කිසියම් ගැටළුවක් නිසා කම්පනය වී ඇත.
මෙම සෝප් ඔපෙරා වල එන චරිත වලින් ස්ත්‍රිය කෙරෙහි වැඩි අවධානය යොමුව තිබේ.ගැහැනිය සියලු දුක උසුලයි.දුක වාවා ගනිමින් දිරියට යාමට වෙර දරයි. මීට අමතරවප්රෙමවන්ත වීරයන්,වීරයන්,සමාජයීය වීරයන්,දුෂ්ටයන් බොහෝ විට දක්නට ලැබේ.මේ අතර සමාජයීය වශයෙන් පිළිකුල උපදවන මැරවරයන් ද සිටියි.ප්‍රේමය,විවාහය,දික්කසාදය,මරණය,අතුරුදන්වීම්,කුතුහලය,උපහාසය,අපහාසය,සෝප් ඔපෙරාවලපොදු ලකුණකි.කෙටියෙන් කියතොත් ලිඳ ළඟ සංගමයකි.
සෝප් ඔපෙරාවල විදහාපාන්නේ සමාජ යථාර්තය වුවත් ඒ සඳහා යොදාගනු ලබන චරිත මගින්, කතාකරු කතාවේ ගලා යාමට අතිශයෝක්තිය එක කිරීම දක්නට ලැබෙන්නකි.මේ නිසා නරඹන්නන් තවත් ඇලී ගැලී සිටීම පුදුමයක් නොවේ.මේ සඳහා කාන්තාවන්ගේ(ගෘහණියන්ගේ) නැඹුරුව වැඩි බව ඉහතදී සඳහන් කලෙමි.තමන් නිවසේ සිට කරන රාජකාරී කොටස, කතාවේ එන නිලියද එලෙසින්ම නිරූපණය කරයි.ඇතැම් විට නරඹන්නන්ට නැති ප්‍රශ්න මේ චරිත තුළ ඇත.නමුත් රංග පෑමේ විශිෂ්ටකම හා ගෘහණියන්ගේ ඇබ්බැහිවීම කෙතරම්ද කියතොත්,කලක යන්නට මත්තෙන් කතාව තුළ චරිතයට ඇති මවාගත් ගැටලු කන්ද එලෙසින්ම නරඹන ගෘහනියද දරා සිටින්නීය.
සෝප් ඔපෙරවලට ඇබ්බැහි වූවන්ගෙන 80%කම කාන්තාවන්ය.අවශේෂ 20% ළමයින්, පිරිමින්,වයෝවෘද පුද්ගලයන් අතර බෙදී යයි.නමුත් මෙම නාට්‍ය මාලාවල කොටසක් දෙකක් අත්හරුනද කතාවේ ගමන් මග අවබෝධ කරගැනීමට හැකි වීම විශේෂ කරුණකි.මෙයට ප්‍රධාන හේතුව ලෙස දැකිය හැකි වන්නේ, උක්තව සඳහන් කළ පරිදී අනුකතාංක කිහිපයක් ගැබ්ව තිබීමයි. එමෙන්ම මෙහි එන සිදුවීම් අවසානයේදී පැහැදිලි අදහසක් නොදෙමද තවත් කරුණකි.එය ප්රේක්ෂකයාට භාර කොට ඇත.මෙම කරුණේ දී සෝප් ඔපෙරාව කෙටිකතා කිහිපයක එකතුවකට සමාන වේ.මන් ද කෙටි කතාවක දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කතාව අවසානයේදී සහෘදයා අබිමුව ප්‍රශ්නාර්ථයක් ගොනු කිරීමයි.
අන්තර් පුද්ගල සම්බන්ධතා බිදී යාම,අවිශ්වාසය සෝප් ඔපෙරාවල නිතරම දක්නට ලැබේ. මෙමගින් සමාජයට ඇතිකරන්නේ සමාජයට හිතකර බලපෑමක් නම් නොවේ.මෙනිසා සෝප් ඔපෙරා සමාජය සසල කරවන කළා මාධ්‍යයක් ලෙස ද හඳුන්වයි.නරඹන්නන් කතාවේ එන චරිතයන් තමන්ට ආරුඪ කරගැනීම මෙයට එක හේතුවකි.සත්‍ය දිවියෙන් පලා යාමට මෙය හොඳ මගකි.මේ නිසා මෙය නිසි ලෙස අධ්‍යයනය කළහොත් දේශීය නාට්‍ය මාලාවන් පිළිබඳවද අවධානය යොමු කළ හැක.කෙසු වුවද මේවයේ ගුණ නුගුණ සියල්ල මනාව අවබෝධ කරගෙන නිර්මාණකරුවා නිර්මාණකරණයේ යෙදීමද,ප්‍රේක්ෂකයා නැරඹීමද සිදු කළ යුතුය.
Subscribe to:
Posts (Atom)
කතා ගොඩක් එකට...
#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...

-
නොදුටු නුඹට මෙසේ ලියමි.... 💏 මේ මගේ හැටිය. එය පිස්සුවක් කියා හිතෙනවානම් දැන්ම මා අතැර යා හැකිය.. මං කියන්නේ අඩ...
-
තීරණයට හිස නොනැමෙන අහංකාර හදවත.. සමබර ලොව අසමබර මා මනස කුමන මොහොතක කුමන ලෙසකින් මගේ පා මුල ඇද වැටේවි ද? මුළු ලොවම එ...
-
අද කාලේ නිතර ඇහෙන ”පට්ට”, ”පිස්සු පීකුදු”, ”ජාති”, ”ඔබට සතුටු දැන්?” වගේ මෙකී නොකී new generation වචන කෑලි අස්සේ මේ වචන දෙකත් ...