එක එක දවසට එක එක ජාතියෙ මිනිස්සු හම්බවෙනවා. ඒ අතරින් මතකයේ රැඳෙන චරිතත් ඉන්නවා. අද. ඒ කියන්නෙ ඔක්තොම්බර් 10 වෙනිදා පානදුර railway station එකේ දී හම්බුණ මනුස්සයත් ඉන් එක්කෙනෙක්. කෝච්චියෙන් බැහැල පුරුදු විදියට තාත්තා එනකන් ටික වෙලාවක් ඉන්න වුණ.මට අඩි 10ක් 11ක් අතින් මැදි වයසේ මනුස්සයෙක් ඉන්නවා. ඉන්නේ මගේ පැත්ත බලාගෙන. තනියම කියවනවා. ඉතින් පිස්සෙක් කියල හිතෙන එක අහන්නත් දෙයක්ද?. අනික අද කාලෙ වෙන දේවල් ඇහුවම දැක්කම විශ්වාස කරන්න පුලුවන් කාවද? ප්‍රශ්න පත්තරයක් එක පාරට ඔලුවට ආව. මං ඒ මනුස්සය ට නොපෙනෙන්න ළඟ තිබ්බ කණුනවක ට මුවා වුණා.ටික වෙලාවකින් මගේ ළඟ තිබ්බ phone booth එකෙන් call එකක් ගත්ත ඒ මනුස්සයා මං පානදුරේ ඉන්නෙ කියල හරි හැඬුම්බරව කිව්වා. එහා පැත්තෙන් මොන උත්තරයක් ලැබුණද කියල තේරුම් ගන්න අමාරුයි. මං කොහොමත් හිටියේ තාත්තා එන දිහා බලන්. ඒ අතරේ තව ගැනු ළමයෙක් මගේ ළඟ ඉඳන් "කෝච්චිය ගියා ළමයෝ. ඇත්ත කියන්නේ කිය කිය කාට හරි කියවනවා. අර මනුස්සයා ගැනු ළමයා ළඟට ආවා. ඇස් දෙකේ කඳුළු. අනේ නෝනා මට රුපියල් 10ක් දෙන්න බස් එකේ යන්න. ගෑනු ළමය අතේ තිබ්බ රුපියල් 10 දුන්න. කාලත් නෑ නෝනා දවසෙම. වැඩ කරන තැනින් පඩි දෙන්නෙ නැ නෝනා. ආයෙත් ඒකම කියනව. ඒක ඇහුණ මාත් purse එක එළියට ගත්තා.. ඒ අතරේ අර ගැනු ළමයගේ boy friend ආවා. ඇයි මොකෝ? කාල නැලු. මනුස්සයව ඇහින් පෙන්නල ගෑනු ළමයා කිව්වා. තමුසෙට පිස්සුද ඕයි එක එකාට රැවටෙන්න?මෙන්න මෙහෙ එනවා කියලා ගෑනු ළමයව පැත්තකට අරන් ගියා.ඒ මදිවට මටත් රැව්ව. තාත්තා ආවා. මාත් ගෙදර ආවා.
මම, ගෑනු ළමයා, ගෑනු ළමයගේ boy friend තුන් දෙනෙක්. තුන් දෙනා අර මනුස්සයා ගැන හිතුවේ තුන් විදියකින්. තාම ඒ මනුස්සයගෙ ඇස්වල කඳුලු ඇති. සමහරවිට බොරුවක් කලා වෙන්නත් ඇති. ඒ මොනවා වුණත් සමාජෙක ඉන්න මිනිස්සු විදියට අපි දකින දේ ගැන අපි හිතින් මවාගන්න ආකල්ප එකිනෙකට කොච්චර වෙනස් ද? වෙනස්කම් නැතිනම් සමාජයක විවිධත්වයක් ගැන හිතන්නත් අමාරුයි. ඒ ඒ කාලෙට එක එක්කෙනාට ලැබෙන අත්දැකීම් ඒ ඒ අයගේ හිතුවිලිවල ට බලපාන හැටි හරි පුදුමයි.

Niyamai...
ReplyDelete