Thursday, November 30, 2017

කතා ගොඩක් එකට...






ඉතිං මං කොහොමත් දන්න කාලේ ඉඳන් ආදරේ අලි ඇත්තුන්ටය...ඒ මං ආසම කෙනාය.. ඒ ගොල්ලො ගම් වැදිලා අහිංසක මිනිස්සුන්ව පාගද්දි කේන්ති තමයි.. ඒත් ඒ දෙගොල්ලොම බලාගන්න බලධාරීන් කියලා නමට ඉන්න නිලධාරී්න් කොන්දක් ඇතිව වැඩ නොකරන නිසයි ඒ හැම දේම...
----------------------------------

ටිකක් විතර ඉතිහාස කතාවක්..
මම දළ පූට්ටු දරුවාට ආදරේ කරන්නේ අදක ඊයේක ඉඳන් නෙමෙයි.. ඒ එයාගේ දළ දෙක නිසා නෙමෙයි :) අන්ධ ඇස් නිසා.. ඒ කාලේ (2011) මට මගේ ඇස් දෙක ගැනත් දුක හිතුණ කාලයක්. ඇයි ඉතින් හොඳ පෙනීමක් නෑනේ... එන්න එන්නම දුර්වල වෙනවා. කණ්නාඩිවලල power එක වැඩි කරනවා කාලෙන් කාලෙට.. අන්ධ මිනිස්සු කොච්චරද? එක දවසක් මට මතකයි මගේ බුකි බිත්තියේම share කළා post එකක්.. ඇස් දන් දෙන.
"මට මේ ආත්මේ බෑනේ... ලබන ආත්මේ තමා කියලා"
අන්න ඒ කාලේ ඇස් අන්ධ ගහකට හේත්තු වෙලා ඉන්න මේ දළ පූට්ටුවාව මං දකිනවා...
හිතෙනවා...
මට මේ ඇස් දෙකම මෙහෙම පෙනිලා දුකෙන්.. ඇස් දෙකම නොපෙනෙ අය? එතකොට ඇස් නොපෙනෙන හරියකට කෑමක් හොයාගන්න බැරුව වැහැරෙන මේ වගේ අසරණයෝ?
https://www.youtube.com/watch?v=3URmoqGFwqc
ඉතිං එදා ඉඳන් මං ඒ අසරණකමට ආදරෙයි.
මිනිස්සු හැඟීම්බර වෙන්නේ තමන්ට සමීප දේවල් එක්ක. එක එක්කෙනාට එක එක විදියට..

-----------------------------------
හරි දළ පූට්ටුවාට පාංශු කූලය දීලා ඉවරයි... පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එළී වුණ දේවල් අහන්න බැරි තරම් නීරසයි.
දළ පූට්ටුවෝ..... ඔයා අතුරුදන් වුණ දා ඉඳන් ඔයාව දැන ගත්ත අය ඉන්නවා. ඔයාගේ දළ දෙක නිසා ඔයාව දන්න අය ඉන්නවා..අඩු ගානේ ඒ නිසා හරි ඒ මිනිස්සු ඔයාට ආදරෙයි. එහෙම හරි ආදරෙයි.

----------------------------------

තව දෙයක්..
******දළ පූට්ටුවාත්
******අනිත් වන අලිත්
******කරඬුව වඩම්මන ඇතාත්
******පෙරහැරේ නටවන අලි ඇත්තුත්
******පින්නවල ඉන්න ඒ සද්දන්ත පරම්පරාවත්
******සර්කස් පෙන්නන්න දස වද දෙන ඒ අසරණයිනුත්
ඔක්කොම එකයි....
ඉතිං අර කාලකන්නි දේශපාලනය හැම එකටම වගේ මේකටත් ගාවගෙන..
මොකා කොහොම කිව්වත් කවුරු හිටියත් අවුරුදු ගාණත් වුණේ මෙහෙම්ම තමා. තමන්ගේ මතය උලුප්පන මිනිස්සු ඉන්න රටක් මේක...අන්තිම ලැජ්ජයි බුකියේ මෙහෙම මරා ගනිද්දි...
තමන් හරි තමන්ගේ මතේ විතරයි හරි මිනිස්සු විතරයි ඉන්න ඔන කියන ආත්මාර්තකාමී සමාජෙක අර අසරණයින් ගැන බලන්න කෝ වෙලාවක්. නේද?
------------------------------------
මේ ඇත්තු සම්බන්ධව පරිසරවේදීන් දැනුයි කෑ ගහන්නේ කියන එකටනම් විරුද්ධයි. මේ දේවල් දැන් මිනිස්සු දැන ගත්තාට සෑහෙන කල් ඉඳලයි මේ මිනිස්සු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව දැනුම් දෙන්නේ..
----------------------------------
අන්තිමට,
මේ දළ පූට්ටුවා වගේම තවත් අය මරණවා. නිකමටවත් ඒ ගැන? නෑ නේද?
දළ පූට්ටුවා ප්‍රසිද්ධයි... ඉතින් අන්ධයා තවත් ප්‍රසිද්ධ වුණේ දළ දෙක නිසාමත් නෙමෙයි. ගමේ මිනිස්සු කියලා තියන විදියට එයා හරි අහිංසකයි..කරදරයක් නෑ.. එයා වෙනුවෙන් ඒ මිනිස්සුන්ගේ ඇහෙන් කඳුළක් වැටුණනම් හේතුව අන්න ඒකයි. ඉතිං දළ පූට්ටුවට මිනිස්සු ආදරේ එක එක විදියට නැතුව දළ දෙකක් හින්දා නෙමෙයි... එක් කෝනෙකින් බලන පටු මිනිස්සුන්ට ඒක හෙන ආතල් එකක්...
----------------------
පණ තියෙද්දි හිස කඳෙන් කැපුවා කිව්ව "මිනිස්සුන්ට''
උඹලට දළ පූට්ටුවා කවදාවත් සාප කරන්නේ නෑ...
එත් මේ ලෝකෙ මෙච්චර කල් තිබ්බෙත්
ඉස්සරහට තියෙන්නෙත්
මේ සොබා දහම් අම්මා නිසා....

*චින්නි*

Wednesday, August 16, 2017

සීරුවට....




නුඹ හිතන
නුඹට හිමි රත් වූ රළු හිත
පිනි වැටුණ අතින්
එක මොහොතකට
සීරුවට....
මගේ
අතට ගෙන
පිරිමැද
නුඹේ සියුම් හිත....
ආයෙත් දෙන්නම්...
කියන්න...
දැන්...
මට
ජීවිතේ කියලා දුන්න
ඔය හිත
ඒ තරම් රළුයිද??
හිතුව තරම් නපුරුද??
එච්චරටම ආඩම්බරද??

*චින්ති*


Friday, August 11, 2017

කෝලම... ❤️

ඔව්. 

ඇය එහෙම්පිටින්ම කෝලමකි...
හිතුණ විට ඔහේ කියවන් යන්නී ඒ තත්ත්පරයෙන් ඇදහිය නොහැකි නිශ්ශබ්දතාවකට හිමිකම් කියන්නියකි...
ඒ ඔහු අසළම පමණි.

ඒ එක වචනයත් ඈට මහමෙරකි...
ඇගේ සද්දයද නිස්සද්යද එක විට අත් විඳි එකම ප්‍රාණියා ඔහු පමණකි.
ඒ නිසා ඇය ඔහුටම ආවේණික කෝලමකි.

*චින්ති*

Sunday, August 6, 2017

වළාකුලු




හඳ පායපු හවසක
අහසට කෑ ගහලා අඬන්නමයි ඕන
වළාකුලු  උදවු කරනවද අහසට..???
ඒත් වළාකුලු ඒකට ඉඩ දෙන්නෙ නෑලු
මග අරිනවලු ළඟටම ඇවිත්
අඬන්න නොදී
ආයෙම ඈතට යනවලු
අනේ වලාකුල
ඔච්චර නපුරු වෙන්නෙ කොහොමද?

*චින්ති*

Friday, August 4, 2017

හුරතලේ



හිතෙන ඕනෑම විටෙක
හුරතල් වෙන්න
ඈට පුලුවන්.
ඈ ඒකට විශේෂඥවරියක්.
ඔව්
ඒ තරම්....
කාටවත් කරදායක් නොදි...
කරදරේකදි උනත්
කරදරේටත් හුරතල් හිතෙන තරම්ම....
ඈ පොඩි එකෙක්....

*චින්ති*

කවදාහරි දවසක


නොදන්න මනුස්ස ප්‍රාණියෙක් එක්ක
පෝරු මස්තකාරූඩ වෙන...
මටම පමණක් අයිති...
ඔහුටම රැකගෙන ආ 

අංශුවක් ගානේ
පෝරු ප්‍රාණියාගේ දෙපායට හැංඟෙන

දවසක් ඈටත් හිමිලු....

*චින්ති*

Monday, July 31, 2017

වරදක් ද???





ඇයි ඇත්තටම එහෙම? ඈටවත් බෑලු තෙරුම් ගන්න. 
ඈ එහෙමයි. 
ආදරේ දෙයි ඇගේ හිතේ තියන
උපරිම ගැඹුරු හුස්මක් කලතලා.
හරි රහට......... 
කාටවත් නොතේරෙන විදියට. 
අඩු ගාණේ ඈටවත්. 
ඉතින් අහනවා 
ඇයි ඔච්චරට ආදරේ දෙන්නේ.? 
මෙහෙම නෙමෙයි ඇහුවෙ නම්...
ඒත් 
ඈ එහෙමයි  ඒකට අකුරු එකතු කළේ.... 
ඈට උත්තර නෑ... 
මොනවා කියන්නද?
කොයිම වෙලාවකවත් අහිමි කියලා නොහිතෙන හිතකට ආදරේ කරපු වරදට??? 
නෑ කවුද කියන්නෙ වරදක් කියලා??
අනික අහිමි කියලා ???
*චින්ති*

Saturday, July 29, 2017

සියුම් මල

ලොවේ සියුමැලි 
සියුම් මලකට 
වඩා සියුමැලි 
හිතක් හිමි උඹ

පියෙන් පිය මැන
පිය තබන දින
ඒ හිතට ගන් 
එක මිටට වෙර

හිස් දෙපා උඹ
අසළ දැවටෙන 
විටක නොබලන් 
ගව් ගණන් දුර

උඹෙ හිතේ ඇති 
හයිය දීපන් 
කිසිත් කිසිවක් 
ලබා නොගෙනම

මටත් නොදැනී 
ඇසින් දුර යන
දිනෙක මගේ දූ
ලොවේ කොතැනත

සියුම් මල නුඹ
අසළ නිසළව
ගසේ මුල ඇත
උඹේ හයියට.....

*චින්ති*

Tuesday, July 25, 2017

කටගාය



ඔන්න ලියන්නම්. කලින් ලිව්ව එක මතක ඇති මයෙ හිතේ. පිස්සුවක් කියා හිතෙනවානම් මේ ලියමන..... ඊළඟ වචන කැටිය දැක්ක ගමන් වෙන පිටුවකට යා හැකිය.. දෙයියනේ ඩේටා වටී හැමට වඩා.. හා නැද්ද?
මාගේ හිතුවිල්ලට අනුව කෙල්ලෙක් කටකාර විය යුතුය. යුතුමය නෙමෙයි හොඳේ... ඒත් වාචාල නොවිය යුතුය. හා. දැන් අර කිව්වා වගේ චී මේක කියවන්න බෑ වගේ එකක් හිතට ආවානම් යා හැකිය.
ආයෙ කතාවට....
ඔව් කෙල්ලෙක් කටකාර විය යුතුය. ඒත් ඒ කියවිල්ලට හරියන බලකායක් ඈ වටා හිටිය යුතුමය. චින්තිටනම් දෙයියනේ කියලා එවන් බලකායකින් අඩුවක් නැත. නැත්නම් තනියම කියවලාම ඈට වෙනමම රෝගයක් හැදෙනු ඇත.
ඇය නම් කටකාරය. කිරිබත්ගොඩ මොන්ටිසෝරියේදි ලොකු ටීචර් ඈට කිව්වේ කටකාර ........ කියාය. කොටින්ම වසර අවසාන සමරු පොතේ පවා තද කලු අකුරින් ඇගේ නම කවියට නගා ඇත්තේ එලෙසය. අම්මාට පිං සිද්ධ වෙන්න ඒ පොත තාම ඇත. ඒ මොන්ටිසෝරියෙන් පානදුර මලලසේකරයට ආවත් ම්හ් ම්හ් වෙනසක් නැත. කොටියාගේ පුල්ලි එසේමය. ඇගේ කච කචේ නවත්තනු වානාය. බස් එකේ එද්දි පාරේ එහා පැත්තේ හිටවලා තිබ්බ මල් ගහක කොලයක් වැනීම පව ඈට හෙන ලොකු කතාවක්ය. කට ගාය ඒ තරම්ය. ඒ විතරක් නම් මදිය. ඇගේ කියවිල්ලට බාධා කරන ඕනෑම ප්‍රාණියෙක්ට ලිංග භේද නොසලකා ඈ හූරන්නීය. හවසට අම්මාට නඩුප්ය. ඒත් දරුණු නඩු නොවන්නේ හූරලා පැයක් ගත වෙන්නට පෙර ආයේ කියවිල්ලට වැටීමය.
චින්ති දැන් ඉස්කෝලේය. ඉස්කෝලේ දෙවෙනි නමින් කතා කලත් වෑන් ඇන්ටි ඈට කිව්වේම චින්තිය. එසේ නම් ප්‍රසිද්ධ කළ චින්ති අද 25 පැන්න එකියකි. අදටත් කට ගාය එසේය. කට හින්දා අම්මා අප්පාගෙන් පමණක් නොව අනිත් අය බේරා අනිත් පැත්තට අහගත්ත අවස්ථාද එමටය. දැනුත් එසේය. ඉදිරියට?? අනේ නොදනී.. ඇය පවා..ඔක්කෝම වෙන්නේ හොඳටය.ඒ නිසා චින්තිගේ කට චින්තිටමය. අනුන්ටය. ඒ හිතට ඇල්ලු කීප දෙනාට පමණි.
හා දැන් සත්‍ය වර්තමානයේය. ළඟකදී උපන් ගැටලුවකි. මේ කච කචේ ඈ මල දාට නවතින බව දනිමි.ඒත් ඊට මෙහා කළ යුතු දේවල් ඇත. අම්මලා සතුටු කළ යුතුය. පෝරු මස්තකාරූඩ විය යුතුමය. හොයල දෙන එකකට කර ගැහිය යුතුමය...
අනේ ඇගේ කච කචේ... පෝරුවට නගින ආගන්තුකයා  "බකන් නිලනයෙක්" වූවොත් අම්මපා චින්තිට පිස්සු හැදෙනු ඇත. ඒ "බකන් නිලනා" දෙස "නිකන් බලා "හිඳ නොව නිකන් බලා වචනයක් හෝ පිට කර ගැනීමට නොහැකි නිසාය.
චින්තිගේ බෝට්ටුවේ තවත් පිරිමි "ච" යන්නකට කතාව ඈ දිග හැරියාය. ඒකා කියපි... නෑ ගොඩක් අය ආස ඒ හුරතලේටලු. චින්තිට දාහක් දේ කියන්න හිතට ආවලු. ඒත් ඒවෙලේ කට වැසුනේලු. "චින්ති" "බකන් නිලන්" හිටියේලු...
*චින්ති*

Sunday, July 2, 2017

වස්


හිත්

සනසාගනු වස්

හිතට

වස් කවි කියනා

හිත

තෙරපන

ඒ හැඟුම??

*චින්ති*

අයිතියක්?


එන්නම්

කියන්න

අයිතියක්

නැත්නම්

යන්නම්

කියන්න

මොකට ද

අයිතියක්???

*චින්ති*

Saturday, June 10, 2017

එකම එක දවසක් හෝ......


💗

නුඹ මට

මං නුඹට

හදින් පමණක් 

කියන වදන්''''''

හිතෙන හැම දේම 

මගේ ඇස් ඇතුළින්

ටම පමණක් 

පෙපෙන තරම්''''''''


ඇත්තටම නුබ 

දන්නවානම්...

ඇත්තටම නුඹට

පෙනෙනවානම්''''''

සත්තයි නුඹ

නුඹට වඩා 

මට පෙම් කරන

එකම එක 

දවසක් හෝ

ඒවී.....

                                                                             💖

Tuesday, June 6, 2017

මට ඕන මං වෙන්න




මට ඕන මං වෙන්න
වරු ගණන් කියවන්න
පද පෙළක් මුමුණාන
රට වටේ ඇවිදින්න

රට වටේ ඇවිදින්න
මගෙ අතින් අල්ලාන
මං වගේ හිතන නුඹෙ
හිත එක්ක ඇවිදින්න

හිත එක්ක ඇවිදින්න
හිතෙන විට නවතින්න
නැවතිලා බලන විට
මං එක්ක නුඹ ඉන්න

හිර වෙලා ඉන්න මං
මගේ මේ කුරුළු හිත
නිදහසේ පාවෙන්න
මට ඕන මං වෙන්න
*චින්ති*

Saturday, June 3, 2017

පුළුවන්නම්.....

පුළුවන්නම්...
මගේ ළඟටම ගන්න,,හුස්මක් දැනෙන නොදැනෙන දුරකට...ඇස් නොපෙනීයන්කන් නොඇසීයන්කියන නුඹටජීවිතේ තිත්ත බවකියන නුඹට!ජීවිතේ දෙන්න...අම්මා කෙනෙක් නොවුණත්..මට?මේ මට?



*චින්ති*



ඇරඹුමක්!





ඉවසීම නැති වූ සඳ


ලැජ්ජාව ද.,


ලැජ්ජාව නැති වූ සද

බය ද.,

යන්නම යනු ඇත!

*චින්ති*




Wednesday, May 31, 2017

හිමි නැති හිමි නුඹ
හිමි බව හිත හිත 

<3

*චින්ති*

Saturday, May 27, 2017

නො(හඬ)




අඬන්න ඕන....
මහා හයියෙන්
හැබැයි කාටවත් නෑහෙන්න...
ඇහුණත් කාටවත් වැඩක් නැති මං......
මං ගැන කාටවත් මොකටද?
දන්නවාද?
කාලෙකින් මං ඇඬුවේ නෑ....
දවසක් හිතාගන්න බැරි මොහොතත කම්මුල දිගේ කඳුළු පේළියක්..
.
.
..
.
.
හේතුවක් ඇති කඳුළු පේළියක්
.
.
.
..
දවසක්
ඔව් එක දවසක්...
නෑ ඕන
නෑ...

*චින්ති*

Wednesday, May 24, 2017

ලියන්න කිව්ව නිසාම ලියන්නම්


......හදින් පමණක් අයිතිවාසිකම් කීම

නැතිනම් 

ඒ අයිතිවාසිකම ලබා දීම

ඇත්තෙන්ම 

පින්වන්ත බව විටෙක සිතෙයි....

තාවකාලික සුවයට නොවන බව හැඟීම 

  ඊටත් එහාය..

...තව ලියන්නද?

*චින්ති*

Tuesday, April 11, 2017


නොදුටු නුඹට මෙසේ ලියමි.... 💏



මේ මගේ හැටිය. එය පිස්සුවක් කියා හිතෙනවානම් දැන්ම මා අතැර යා හැකිය.. මං කියන්නේ අඩුම තරමේ එහෙමනම් මේක කියවන්න තියා හිතන්නවත් එපා..

                                                                      

මං වැඩිය කන්නේ නෑ.. හැබැයි කන්න ඕන කියලා හිතෙන වෙලාවට ඕනම දෙයක්‍. වැඩියෙන්ම කඩචෝරුය. ඕනෑම වෙලාවක කඩචෝරු කන්න උපන් හපනියක් වෙමි. 

                                                                      

මගේ ජීවිත කාලෙටම බලපාන එකම ග්‍රහයෙකි. එනම් රාහුය. ඒ කියන්නෙ මට ඇවිදින්න ඕන කියන එක. ඒක මේ අහස යට කොහේ හෝ වේවා මට කම් නැත. ඒ යන ගමනේ මහන්සි වූ ඕනෑම විටෙක නුඹේ උරහිස අවැසිය. ඒ නිදන්නට නොව නිවෙන්නටය. 

                                                                        

නින්ද යාම ගැන කතා කළ යුතුමය. ඕනෑම තැනක ඕනෑම විටෙක නිදා ගැනීමේ උපන් හැකියාව මා සතුය. ඊට බාධා නොකරන තරමට මං කැමතිය. ඒ කියන්නේ මා කම්මැලි කෙල්ලකි යන්න නොවන බව හිතට ගන්න. 


පහු ගිය ටිකේ පොත් කියවීම මග ඇරුනත් හැකි හැම විටම මං පොත් කියවනු ඇත. නුඹත් පොත් කාවෙකි නම් මන් ඊට දැඩිව රුචි කරමි.නුමුත් මා පොත් කියවන විට මගේ හිස නුඹේ උරහිසේ තියන්න පහසු ලෙස නුඹ සිටිය යුතුය... තැනක්නම් මට අදාළම නැත.


මම ක්‍රිකට් ලෝලියෙක්මි. නුමුත් මට ඔය නම් ගම්, ග්රවුන්ඩ්,තිබ්බ වාර්තානම් මතක නැත.නැත්තෙමත් නැත. නුඹ ක්‍රිකට් ලෝලියෙකු නොවුනත් මැච් එක යන චැනලය මාරු කිරීමනම් මේ කෙල්ල එක්ක වානාය...


සතියකට වතාවක් කොහේ හෝ යා යුතුමය.නැතිනම් මං සතියකට එහා උයන්නේම නැත...මට ආදරෙයිනම් පොන්දෙසාර් පාලම ගැන දැන සිටිය යුතුමය.නොදනේනම් දැන්වත් දැනගන්න. කොහොමහරි කවදාහරි පැරිසියට යා යුතුය. වෙන කොහේ නොගියත් පොන්දෙසාර් පාලම ලඟට යාම අවැසිය.ගොස් ඒ පාලමේ ඉබ්බෙක් එල්ලිය යුතුමය. ඒ මොහොතේ පමණක් ප්‍රසිද්ධියේ නුඹට මා මුව සිප ගැනීමට ඉඩ දෙමි...


කෑම පිසීම ගැන කිව යුතුමය. මේ 2012 අවුරුද්දයි. දැනටනම් මට උයන්නට බෑ. හැබැයි අනාගතේ උයන්න පුළුවන් වෙයි. ඒ නුඹේ ආදරයත් සමගිනි. කෙසේවෙතත් මම අත්හදා බැලීම් සහිත කෑම පිසිනු ඇත. ඒ නුඹේත් සහය ඇතුවය. නමක් නැති කෑම බොහෝ පිසෙනු ඇත. නමුත් මගේ හිත නොරිදෙන ලෙස ඕනෑම නමක් ඒ සඳහා යෙදීමට නුඹට හැකිය.


රෙදි සේදීම පිරිමින් පමණක් නොව ගැහැණුන්ද අකමැති කාරියක් වන බව සිහි තබා ගන්න. එබැවින් රෙදි සේදීම සමූහ කටයුත්තකි. එබැවින් වොශින් මැෂිමක් අරන් දීමට තරම් කාරුණික වන්න. නැතිනම් හැදෙන කොඳු අමාරුවලට සහතිකෙන්ම වග කිව යුත්තේ නුඹමය.


.පුරුෂ පාර්ශවයට දින අමතකවන බව මම දනිමි. ඒත් සංවත්සරයක් උපන්දිනයක් අමතක වෙනවානම් ඊට හිලව්වට මාව කොහේ හෝ රවුමක් එක්ක යා යුතුමය..


මට මිනි කූපරේක හීනය තදින්ම ඇත. නමුත් ඊට අමතරව පොඩි පොඩි චාරිකාවලට ෆුට් සයිකලයක් ඕනෑමය.. ඒ හැමවිටම මා කියන පිස්සු කතාවලින් එකකට හෝ නුඹ හිනා වෙනවාදැයි බෙල්ලෙන් හිස ඔසවා බැලීමටය. එවිට ඒ සිනාවෙන් ගිලිහෙන සුසුම් මා මුව සියුම්ව සිප ගනු ඇත. එය නුඹ මාගේ කම්මුලක් සිප ගන්නවාට වඩා මා කැමතිය. එය මටම වටී.. මගේ දිගු කෙහෙරැලි ඒ යන ගමනට ආදරයෙන් සුළඟ සිප ගනු ඇත.කෙහෙරැළිවලට පිරිමි කැමති බව දනිමි.ඒ නිසා මගෙන් මිදෙන කෙස් රොද නුඹේ මුවේ වැදුනාට කෝප නොවනවා කියා ඉත්තීරුවෙන්ම හිතමි. රැවුල ගැන කිව යුතුමය.. 


රැවුලක් නැති පිරිමියෙක්නම් මට එපාය.. ජූජක බමුණු රැවුලකුත් මට එපාය.. ඕනෑවන්නේ කටු කටු රැවුලකි. පොඩි කාලේ තාත්තා මගේ මූණ සිඹින විට මට කිතිය. ඒ කිතියට මම පෙම් කරමි. ඒ පෙම දීමට නුඹට හැකිනම් නොව හැකියාව තිබිය යුතුමය.. 


මං නුඹට පෙම් කරන තරමටම මට පෙම් කළ යුතුය කියන හිතුවිල්ලේ මා නැත. ඒත් ඊටත් වඩා පෙමක් ලැබිය යුතුමය.. නැතිනම් අපේ දරුවන්ට අමුතුවෙන් ප්‍රේමය කිමැයි කියා උගන්වන්නට සිදුවනු ඇත...


රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍ය ප්‍රේමයක්නම් මට එපාය.. ආදරය ගෞරවය මුහු තේරුම් ගැනීම ඇති පෙමක මහිම ඊට වඩා ඉහළය... අනාගත හිමිකරුවාණෙනි දැනට මේ ඇතිය...

2012.12.17

                                                             💖💏💖
අන්ධකාර අහසක
එලිය ගහන අකුණකින්
සැණින් පෙනී
නොපෙනෙන නිරුවත...
*චින්ති*

Friday, March 24, 2017



එක තරුවක්වත් නැති අහසක!

හුළඟක් හමන්නේ නැති බිමක!



තරු පිරි අහසක් යට හුළං හමන හැටි...


සිහිනෙන් දුටිමි...

*චින්ති*








කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...