Saturday, July 29, 2017

සියුම් මල

ලොවේ සියුමැලි 
සියුම් මලකට 
වඩා සියුමැලි 
හිතක් හිමි උඹ

පියෙන් පිය මැන
පිය තබන දින
ඒ හිතට ගන් 
එක මිටට වෙර

හිස් දෙපා උඹ
අසළ දැවටෙන 
විටක නොබලන් 
ගව් ගණන් දුර

උඹෙ හිතේ ඇති 
හයිය දීපන් 
කිසිත් කිසිවක් 
ලබා නොගෙනම

මටත් නොදැනී 
ඇසින් දුර යන
දිනෙක මගේ දූ
ලොවේ කොතැනත

සියුම් මල නුඹ
අසළ නිසළව
ගසේ මුල ඇත
උඹේ හයියට.....

*චින්ති*

No comments:

Post a Comment

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...